උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03 ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සියලුම තැපැල් කාර්යාල ආවරණය වන පරිදි මෙම විරෝධය සිදු කරන බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.