Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්ය රෝහිත බෝගොල්ලාගම මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 06 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද(29) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන විත්තිකාර රෝහිත බෝගොල්ලාගම මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඊට ප්රතිචාර දක්වමින් කරුණු ඉදිරිපත් කළේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස…
අද (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන්ය. ඒ අනුව ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් පස්වරු 1න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්රකාශයට පත් කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. කොළඹ, කොටුව ප්රදේශයේ පිහිටි ට්රාන්ස්වර්ක් චතුරශ්රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්යාපෘතියක් සඳහා ක්රිෂ් සමාගම වෙත පැවරීම කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
විපක්ෂය විසින් භාරදීමට නියමිත සංශෝධිත විශ්වාසභංග යෝජනාව නොවැම්බර් 3 වැනි අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසයි. පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමේදී කථානායකවරයා පක්ෂපාතී සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්රියාකලාපයක් අනුගමනය කර ඇති බවට චෝදනා කරමින්, ඔහු එම ධුරයට නුසුදුසු බව පවසමින් විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. අදාළ විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්රීවරුන් විසින් පසුගිය ඔක්තෝබර් 9 වැනිදා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාරදුන්නේය. කථානායකවරයාට එරෙහි චෝදනා 50ක් පදනම් කරගනිමින් සකස් කර ඇති එම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 44 දෙනෙකු අත්සන් තබා ඇති බව සඳහන් වේ. මේ අතර පාර්ලිමේන්තුව නොවැම්බර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට…
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. බ්රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුව සම්බන්ධයෙන් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ඔර්නබ් ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ‘ඉතා ප්රබල සුළි කුණාටුවක්’ බවට පත්වී ඇත. අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවතුනි. මෙය අද සවස 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන…
සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා මහතා හමුවීමට සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් මහතා පියවර ගෙන තිබේ. ඒ, ඔහුට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව නැවත විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදි අරාබියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුවය. මෙම සංචාරයේදී අනෝජන් සිවරාසා මහතාගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරයා ඔහු සමඟ සාකච්ඡා කර තිබේ. ඉදිරියේදී සිදුකිරීමට නියමිත අධිකරණ ක්රියාමාර්ග පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සහ ඒ සඳහා අවශ්ය නීතිමය සහාය සැලසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත. එමෙන්ම නඩු විභාගයට අදාළ සියලු කරුණු පවතින නීතිමය ක්රියාවලිය තුළ නිසි පරිදි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද සාකච්ඡාවට…
හබරාදූව දුම්රිය හරස් මාර්ගයකදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් අත්අඩංගුවට ගත් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ලබන (06) වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්රාත් මහේෂිකා විජේතුංග මහත්මිය අද (26) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කැස්බැව පදිංචි 40 හැවිරිදි බස් රථයේ රියදුරු සහ මහරගම පදිංචි 21 හැවිරිදි බස් රථයේ කොන්දොස්තරවරයායයි. මිනීමැරීමට තැත් කිරීම,අන් අයගේ ජීවිත අනතුරට ලක්වන සේ ක්රියා කිරීමෙන් තුවාල සිදු කිරීම, පොදු මාර්ගයක අනතුරුදායක ලෙස සහ අපරීක්ෂාකාරී ලෙස වාහන පැදවීම ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරුවන් හබරාදුව පොලීසිය රථවාහන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පවතින අයහපත් කාලගුණය හමුවේ කළු ගඟ ද්රෝණිය ආශ්රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ මෙම තත්ත්වය ඇතිවිය හැකි බවය. ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් එම ප්රදේශය ආශ්රිතව පදිංචිකරුවන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන් අවධානයෙන් පසුවන…
දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් අඩිය බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම ජලාශයෙන් දැදුරු ඔයට නිකුත් වන ජල ප්රමාණය තත්පරයට ඝන අඩි 5300ක් වන බව සඳහන්ය. දැදුරු ඔය ජලාශයේ ධාරා ප්රදේශයට අද (25) දිනය පුරා වර්ෂාව ලැබුණු බවත් මේ වන විට ජලාශයේ ජල මට්ටම වැඩි වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් දැදුරු ඔය ජලාශයට පහළින් ඒ ආශ්රීතව පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
