Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයින ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බස්නාහිර, උතුර, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්රදේශවලට ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික…
ජාතික දන්ත රෝහලේ යටිතල පහසුකම්, කාර්ය මණ්ඩලය සහ පරිපාලනය සම්බන්ධ බරපතළ ගැටලු රැසක් පවතින බව රජයේ දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙනුයේ මේ හේතුවෙන් රෝගී ආරක්ෂාව සහ සෞඛ්ය සේවා සැපයීම කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවය. රජයේ දන්ත ශල්ය වෛද්යවරුන්ගේ සංගමය සඳහන් කරනුයේ රෝහලේ ඇතැම් ගැටලු වසර ගණනාවක් තිස්සේ පවතින නමුත් ඒවාට ප්රමාණවත් විසඳුම් මෙතෙක් ලබාදී නොමැති බවත්ය. වාට්ටුව සහ දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ නළවලින් වසර හයකට වැඩි කාලයක් ජලය කාන්දු වන බවත්, ඒ හේතුවෙන් විදුලි සැර වැදීමේ අවදානමක් සහ පොළව තුළ ලිස්සා වැටීමේ අවදානමක් ඇති බවත් සංගමය පෙන්වා දී තිබේ. එමෙන්ම වාට්ටුව සහ දැඩි සත්කාර…
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ මස 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ. සැකකාරියගේ වැඩිදුර වෛද්ය වාර්තා එදිනට කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරයා, එතෙක් ඇප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බව ද සඳහන් කළේය. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.
වසරේ ගතවූ පළමු මාස නවය තුළ ළමුන්ට ලිංගික අතවර කිරීම සම්බන්ධ පැමිණිලි 364ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධ පැමිණිලි 114ක් ද ලැබී ඇති බවය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන සහ ළමුන් සම්බන්ධ වෙනත් පැමිණිලි 9,613ක් ලැබී ඇති අතර, ඉන් වැඩිම පැමිණිලි සංඛ්යාවක් එනම් 1,554ක් පසුගිය සැප්තැම්බර් මාසයෙන් වාර්තා වී තිබේ. එම පැමිණිලි අතරට ස්ත්රී දූෂණ සම්බන්ධ පැමිණිලි 169ක්, ලිංගික සූරාකෑම සම්බන්ධ පැමිණිලි 8ක්, ළමුන් වෙළෙඳාමට සම්බන්ධ පැමිණිලි 40ක්, මත්ද්රව්ය ප්රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම සම්බන්ධ පැමිණිලි 37ක් සහ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධ පැමිණිලි…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව අද (13) දිනයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපය තුළදී අපේක්ෂා කළ හැකිය. මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්රජාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20–30ක් පමණ විය හැකි බවද සඳහන් වේ. දිවයින වටා ඇති මුහුදු ප්රදේශ සාමාන්ය ස්වභාවයේ සිට මඳ වශයෙන්…
රඳවාගෙන ප්රශ්න කරමින් සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. සිදුකළ කැඳවීමකට අනුව ඒ මහතා අද (12) දින උදෑසන අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත. සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඒ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත.
පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන් සහ අනෙකුත් මගීන් සඳහා නව දුම්රියක් ධාවනයට අද (12) සිට ධාවනයට එක් කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසු පසුගිය 02 දින සිට උඩරට මාර්ගයේ රඹුක්කන, ගම්පල අතර දුම්රිය ධාවනය ආරම්භ කර මේ වන විට සාමාන්ය පරිදි ධාවනය කරන බැවින් මීට සමගාමීව මෙම දුම්රිය ධාවනය කරන බවය. ඒ අනුව පොල්ගහවෙල – පේරාදෙණිය අතර දුම්රිය මගින් පහසුකම් සලසා ගැනීමට බලාපොරොත්තුවන පාසල් ළමුන් සහ අනෙකුත් මගීන් සඳහා අද දින සිට දිනපතා මෙම දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු ප්රදේශ පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං පැ.කි.මී. 60-70 ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය. එබැවින් එම මුහුදු ප්රදේශවල සිය කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලබයි.…
දැනට කොළඹට පමණක් සීමා වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව, ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කරමින් දිවයිනේ සියලුම පළාත්වල ස්ථාපිත කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (11) නිකවැරටිය ප්රදේශයේ පැවති ජනරැලියකට එක් වෙමින් ජනාධිපතිවරා මේ බව පැවසීය. එලෙසම නිලධාරීන් 900කට වැඩි ප්රමාණයක් බඳවා ගැනීමට අවසර ලබා දී ඇති බවද ජනපති මෙහිදී පැවසීය. මේ අතර, වර්තමානය වන විට ලංකාව තුළ වංචාව සහ දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කර ඇති බවත්, රාජ්ය සේවය තුළ සිදුවන එවැනි නීතිවිරෝධී ක්රියා සඳහා දැඩි දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
