පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන විශේෂ තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත් වෙයි

0
14

තමන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉවත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

පූර්ණ කාලීන කාලය ජනතාව වෙනුවෙන් කැප කිරීමට සිදුව ඇති බවත්, සම්පූර්ණ කාලය මෙයට යෙදවීමට නොහැකි වීම හේතුවෙන් පෞද්ගලික හේතුවක් මත මෙම ඉවත් වීම කල බවත්, මේ ගැන සඳහන් කරමින් පාර්ලිමේන්තුවට ලිපියක් යොමු කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සලකා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් කථානායකවරයා විසින් ඊයේ (23) ප්‍රකාශයට පත් කළේය.

විශේෂ කාරක සභාවේ සභාපතීත්වය නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිංහ මහතා ගෙන්ද අමාත්‍ය රවුෆ් හකීම් , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා‍, රවී කරුණානායක, කාවින්ද ජයවර්ධන, ආශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න හා එම්. ඒ. සුමන්තිරන් යන මැති ඇමතිවරන්ගෙන් සමන්විත වන බව කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසීය.