බදුයුදීන් පිළිබඳ පක්ෂ නායක රැස්වීමක්

0
24

විශේෂ පක්ෂනායක රැස්වීමක් අද (23) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම පක්ෂ නායක රැස්විම පැවැත්වීමට නියමිතයි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයට දින ලබා ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ අරමුණ වී ඇත.

අදාල විවාදය සදහා දිනයක් ලබා නොදීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් පල කළ අතර ඒ හේතුවෙන් අද පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුව කල්තබනු ලැබුවේය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේ විවාදයට දිනයක් ලබා දෙන තුරු අඛණ්ඩව සටන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.