නැගෙනහිර ඉදිකළ විශ්වවිද්‍යාලය ගැන විමර්ශනයක් කළ යුතුයි

0
115

ආගමික අන්තවාදී කණ්ඩායම් විසින් භාවිත කළ හැකි බවට සැළකෙන නැගෙනහිර ප්‍රදේශයේ ඉදිකළ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ(16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ වෛද්‍ය සභාවේ අවසරයකින් තොරව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට ද එම විශ්වවිද්‍යාලය පියවර ගෙන ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි ඊයේ පැවති ශ්‍රි ලංකා ජාතික මහා සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ආයතන ගොඩනැගු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.