සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ පුරපති ධුරය සඳහා ඉදිරිපත් වීමට සූදානම් වන බවට වාර්තා වනවා.
ඒ අනුව මෙවර මැතිවරණයේ දී මහ නගරාධිපති ධුරය සඳහා මන්ත්රීවරයා තරග වදිනු ඇති.
එම පක්ෂකයේ ආරංචි මාර්ග සඳහන් කළේ, ඉදිරියේ දී මුජිබර් රහුමාන් මන්ත්රීවරයා මේ බව සඳහන් කිරීමට නියමිත බවයි.
මේ වනවිට (08) කොළඹ පුරපති නොහොත් මහ නගරාධිපති ලෙස කටයුතු කරන්නේ රෝසි සේනානායකයි.
ඒ අනුව මෙවර මුජිබර් රහුමාන්ගෙන් වත්මන් පුරපතිනි රෝසි සේනානායකට දේශපාලන අභියෝගයක් එල්ල වනු ඇති බවට ද වාර්තා වනවා.