නිදි මත නිසා වුණ අනතුරක්

0
51

බදුල්ල – පස්සර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (11) අලුයම 5-00 ටපමණ බදුලුසිරිගම ඉහළ වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කනුවක්වක් කඩාබිද දමිමින් අඩි 40 ක පමන ප්‍රපාතයේ පිහිටි නිවාස ගොඩනැල්ලට වැටී තිබේ.

කොළඹ කඩවත සිට පස්සරට පිරිසක් රැගෙන කුලී ගමනක් පැමිණි මෝටර් රථයක් ඔවුන් පස්සරින් බස්සවා විවේකයක් නොලබා නැවත කඩවතට යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

රියදුරා නින්දයාම අනතුරට හේතුව බව විමර්ශන වලදී අනාවරණය වීතිබේ.

විදුලි කනුවේ නොගැටුනේ නම් මහා ප්‍රාපතයකට පෙරලී මීට වඩා විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබු බවද පොලිසිය පවසයි.

විදුලි කනුව මුලින්ම කඩාවැටිම නිසා ආරක්ෂාව පිණිස කීපයකට විදුලිය විසන්දි කිරීමට ලංකා විදුලි බල මන්ඩලය කටයුතු කළේය.

වාහනයට හානි සිදුවුවවත් රියදුරා සුළු තුවාල ලබා බේරී ඇත බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.