ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරදා එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව වටයේදී කඩුළු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටැලියන්ස් කණ්ඩායම සමත්විය.
තරගාවලියේ අවසන්පූර්ව වටයේ දෙවැනි තරගය ලෙස මෙය අද (21දා) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංණයේදී පැවැත්විණි.
වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූ අතර ඒ නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 18 කට සීමාවිය. තරගයේ කාසියේ වාසිය දිනූ කලම්බු නායක ඇන්ජලෝ මැතිව්ස් ගෝල් ක්‍රීඩකයින් පන්දුවට පහරදීමට ආරාධනා කලේය.
එහිදී ඔවුන් පන්දුවාර 18 කදී කඩුළු 9 ක් දැවී රැස් කලේ ලකුනු 108 ක් පමණි. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ සහන් ආරච්චිගේ පන්දු 31 කදී හතරේ පහර 3 ක් හා හයේ පහර 3 ක් සමගින් ලකුනු 53 ක් රැස් කලේය. පන්දු යැවීමේදී කලම්බු වෙනුවෙන් බෙනී හොවෙල් කඩුළු 3 ක් දවාලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ක්‍රීඩකයෝ පන්දුවාර 16.5 කදී කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වූහ. රවී බොපාරා නොදැවී ලකුණු 43 ක් එහිදී රැස් කලේය.
මෙම තරගයේ ජය සමගින් කලම්බු කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැණීමට හෙට (22දා) කැන්ඩි ෆැල්කන්ස් සමගින් තරග වැදීමට නියමිතය.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පසුගිය අවස්ථා දෙකේදීම අනුශූරතාව හිමකර ගැනීමට සමත්වුවද මෙවර එය ඔවුන්ට ඇහිරී ගියේය.