යුක්රේනයට පේට්‍රියට් මිසයිල ආරක්ෂණ පද්ධති සැපයීමට එරෙහිව හිටපු රුසියානු ජනාධිපති සහ රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපති දිමිත්‍රි මෙද්වෙදෙව් නේටෝවට අනතුරු ඇඟවීය.
අන්තවාදී පාලන තන්ත්රයන් වෙත ආයුධ සපයන නේටෝ සන්ධානය “සාපරාධී ආයතනයක්” ලෙස ඔහු හෙළා දැක තිබේ.
“ශිෂ්ට ලෝකයට මේ සංවිධානය අවශ්‍ය නැහැ. එය මනුෂ්‍යත්වයට පසුතැවිලි විය යුතු අතර සාපරාධී ආයතනයක් ලෙස විසුරුවා හැරිය යුතුයි” හෙතෙම සඳහන් කර තිබුණි.
යුක්රේනය තම බලශක්ති යටිතල ව්‍යුහයට එල්ල කරන රුසියානු ප්‍රහාරවලින් එය ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ නිෂ්පාදිත ප්රේටියට් මිසයිල පද්ධති ඇතුළු ගුවන් ආරක්ෂණ පද්ධති මීට පෙර ඉල්ලා තිබූ බව කියැවෙයි.