කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය සීමා පැනවීමක් කර නොමැති බවත් ඒ අනුව වෙළඳපොළ තුළ කිරිපිටි හිඟයක් ඇතිවිමට ඉඩක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මේ වන විට මතභේදයට තුඩු දී ඇති කිරිපිටි අඩංගු බවට සඳහන් කන්ටේනර් 6ක් වරායෙන් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් වූ ගැටලුව පිළිබඳව අද (28දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
ප්‍රශ්නගත කිරිපිටි අඩංගු බහාලුම්වල ඇත්තේ කිරි තේ හා චොකලට් නිපදවීම වෙනුවෙන් වූ කිරිපිිටි තොගයක් බවත් එය නීතිවිරොධී ලෙස ශ්‍රී ලංකාාවේ පවතින විදේශ විනිමය උපයෝගී කරගනිමින් මෙරටට ගෙන්වා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.