බස් රථයක් පෙරළීමෙන් 7ක් මරුට

0
10

රුසියාවේදී බස් රථයක් පෙරළීමෙන් එහි සිටි ළමුන් සිව්දෙනෙකු ඇතුළුව හත් දෙනෙකු මියගොස් තිබේ.

එම අවස්ථාවේ බස් රථයේ මගීන් 48 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියාවේ කලූගා (Kalug), නගරයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් ළමුන් සිව්දෙනෙකු ඇතුළුව හත් දෙනෙකු මියගොස් ඇත.

අනතුරෙන් තවත් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වන්නේය.

කලූගා මොස්කව් අගනුවරට කිලෝමීටර් 200ක් පමණ දකුණු දෙසින් වන්නට පිහිටි නගරයක්.

මඟින් 48 දෙනෙකු සමඟ ධාවනය වෙමින් තිබූ බස් රථය එහි ගම්මානයක් අසළ ප්‍රදේශයකදී පෙරළි යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

බස් රථයේ සිටි ළමුන් කලූගා හි නර්තන තරඟයකට සහභාගී වී ආපසු යමින් සිට ඇති බව එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව එරට බලධාරීන් පවසයි.