රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය.
පාර්ලිමේන්තුවේ පැවති 2023 අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී අදහස් පළ කිරීමෙන් අනතුරැව තමා පාර්ලිමේන්තුව අවසන් වනතෙක් උපවාසවක නිරත වන බව සඳහන් කරමින් මන්ත්රීවරයා මෙලෙස සභා ගර්භයේ මැද අසුන් ගැනීම සිදු කළේය.
කෙසේ වෙතත් කෙටි වේලාවකට පසු දිලීප් වෙදආරච්චි මහතා සභා ගර්භයෙන් පිටව ගියේය.
උතුරැ නැගෙනහිර මාළු ටික මංකොල්ල කනවා. ඩග්ලස් දේවානන්දා ඇමතිතුමාටත් පරිස්සම් කර ගන්න බෑ. කොහොමද දකුණේ මුහුද පරිස්සම් කරන්නේ? ඒ නිසා හරියාකාරව වැඩ කරන්න මේ ඇමතිවරැන්ට වගකීමක් භාර දෙන්න. අද ජාතික ධීවර දිනය නිමිත්තෙන් මහ මුහුද එක පැත්තකින් මංකොල්ල කනකොට රටේ දේශීය ධීවර කර්මාන්තය කරන ධීවරයා අල්ලගෙන එන මාළු ටික විකුණ ගන්න බෑ. චීනයෙන් හොරාට ලින්නෝ ගෙන්වන කොමිපැණි කාරයන්ට දීපු නිසා අද දකුණේ ධීවරයන් පමණක් නොවෙයි රටේම ධීවරයෝ අසරණ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මම අදම රටේ ධීවර ජනතාව වෙනුවෙන්, ඩීසල් ප්රශ්නය වෙනුවෙන්, සුළු කර්මාන්තයේ නිරතවන ධීවරයා වෙනුවෙන් අද ජාතික ධීවර දිනය වෙනුවෙන් මම පාර්ලිමේන්තුව ඉවරවෙනකන් මේ සභාගැබේ උපවාසයක කරනවා කියලා ප්රකාශ කරනවා.