බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “අක්වාන්” සුළි කුණාටුව
ඊයේ (17) සවස 05.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.3° සහ නැගෙනහිර දේශාංශ 85.6° ආසන්නයේ, ත්‍රිකුණාමලය සිට කි.මී. 630ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුණි.
මෙම පද්ධතිය තවදුරටත් සෙමින් උතුරු-වයඹ දෙසට ගමන් කරමින්, අද (18) අලුයම 05.30 පමණ වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී “ප්‍රබල සුළි කුණාටුවක්” දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතී.
ඉන් අනතුරුව, මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, හෙට (19) සවස 05.30 පමණ වන විට “ඉතා ප්‍රබල සුළි කුණාටුවක්” දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.
තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින්, මෙම පද්ධතිය නොවැම්බර් මස 20 වන දින පෙ. ව .11.30 පමණ වන විට, “ඉතා ප්‍රබල සුළි කුණාටුවක්” ලෙස ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාමි වෙරළ අතරින් ඉන්දියාවට ඇතුළුවීමට ඉඩ ඇත.
එමනිසා, උතුරු අක්ෂාංශ 06ත් 19ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදෙයි.
මේ සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

