සිරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්යානයේදී ආරම්භ කර ඇති අඛණ්ඩ සත්යග්රහයේ අද (24) 9වන දිනය යි.
පසුගිය 16 වැනිදා විහාරමහා දේවි උද්යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්යග්රහය ආරම්භ කළ අතර, එදින සිට මේ දක්වාම උන් වහන්සේලා ඇතුළු පිරිස එම භූමියේ රැඳී සිටී.

