2026 වසර පුරා චීනයේ භාණ්ඩ ආනයන ප්‍රමාණය, වාර්තාගත මට්ටමකට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීන රාජ්‍ය මණ්ඩල ප්රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරිණි.
ගෝලීය භාණ්ඩ වෙළඳාම තුළ ලොව විශාලතම රට වන චීනය, ගෝලීය වෙළඳාමේ වර්ධනය සඳහා අඛණ්ඩ ගාමක බලවේගයක් ලබා දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍යාංශය එහිදී අවධාරණය කර තිබේ.

