වනජීවී ක්ෂේත්රයේ පශු වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳා ඔවුන්ට නිසි ස්ථානයක් ලබාදිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් 33 දෙනෙකු සිටිය යුතු වුවද මේ වන විට සේවයේ නිරතව සිටින්නේ 17 දෙනෙකු පමණක් බවත්, එය දශක ගණනාවක් පුරා පවතින ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අලි–මිනිස් ගැටුම ඇතුළු මිනිසා සහ වන සතුන් අතර ඇතිවන ගැටුම්වලදී මෙම පශු වෛද්‍යවරුන් විශිෂ්ට සේවාවක් ඉටු කරන බවද ඔහු පැවසීය.
එහෙත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ඔවුන්ට අවශ්‍ය නෛතික බලතල නොමැති අතර, ඔවුන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි සේවා ව්‍යුහයට ඇතුළත් කර නොමැති බවද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
පසුගියදා මද්දකට හසුවූ කොටියෙකු බේරාගැනීම සඳහා පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කළ බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, අමතර හා අවදානම් දීමනා පවා නොලබමින් ඔවුන් සිදුකරන සේවය අගය කළේය.

