සංශෝධිත එකතු කළ අගය මත බදු හෙවත් වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් 01වනදා සිට අනිවාර්යයෙන් ක්රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් පත්රය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.
අදාළ ඉන්වොයිස් ආකෘතිය නිකුත් කිරීම ජුලි මස 01වනදා සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද ව්යාපාරික ප්රජාවට සහ බදු ගෙවන්නන්ට පද්ධති සූදානම් කර ගැනීමට සහන කාලයක් ලබා දීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

