හෙට දිනයේ පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවැවිණි.
එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කර සිටියේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බවය.
මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටින අතර, ඒ අතුරින් සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 220,366ක් සහ දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවන් 73,723 ක් ලියාපදිංචි වී සිටී.
මෙම විභාගයට අදාළ උපකාරක පන්ති සිදු කිරීම අගෝස්තු 05 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, විභාගය නිමා වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්වයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ද ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

