කෑගල්ල කරඩුපන හංදිය ප්රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද (03) උදෑසන 6:15ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයන් 20දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පිරිස කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රඹුක්කන සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ දිගන සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයකි.
අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

