නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය නැවතත් ජනතා පරිහරණයට පත්කිරීම අද (06) පෙරවරුවේ සිදු කෙරිණ.
ඒ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවේ, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් තිරසර ව්‍යාපෘතියක් ලෙස ‘සිහින ගමනාන්තය’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර සහ කිරුලපන උප දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති නාරාහේන්පිට දුම්රිය ස්ථානය, වසර ගණනාවකින් ප්රතිසංස්කරණයකට ලක් නොකිරීම හේතුවෙන් පහසුකම් රහිතව, අනාරක්ෂිත තත්ත්වයක පැවතිණ.

