අමෙරිකාව විසින් ඉතාලියෙන් පැහැරගත් වටිනා පුරාවස්තු 337ක් නැවත ඉතාලියට භාරදී තිබේ.
මෙය මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම සංස්කෘතික දේපළ හුවමාරුවක් ලෙස සැලකෙන අතර, රෝමය සහ වොෂින්ටනය අතර පවතින දැඩි සහයෝගීතාව මෙයින් මනාව පිළිබිඹු වන බව සඳහන් වේ.
පුරාණ රෝම මූර්තිවල සිට ග්‍රීක, එට්රස්කන් “Etruscan” සහ ඊජිප්තු කලාකෘති දක්වා විහිදෙන මෙම පුරාවස්තු සමූහය, ඉතාලියේ ‘කැරබිනියරි’ (Carabinieri) සංස්කෘතික ආරක්ෂක ඒකකයේ මූලස්ථානයේදී ප්‍රදර්ශනය කෙරිණි.
නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශන මාලාවක ප්‍රතිඵලයක් ලෙස මෙම භාණ්ඩ සොයාගෙන ඇත.
ක්‍රි.පූ. 5 වන සියවසේ සිට ක්‍රි.ව. 3 වන සියවස දක්වා කාලයට අයත් රෝම කාසි, ස්වර්ණාභරණ, පිඟන් මැටි භාණ්ඩ සහ වාස්තු විද්‍යාත්මක කොටස් මෙයට ඇතුළත් වේ.

