ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

