බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන ඇත.
ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ.
එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.

