බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා මෝටර් රථ අනතුරකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු සමඟ සිටි තවත් දෙදෙනෙකු අනතුරින් මියගොස් තිබේ.
ජෝෂුවා ගමන් ගත් මොටර් රථය ට්‍රක් රථයක ගැටී මෙම අනනතුර සිදුව ඇති බව සඳහන් වේ.
අනතුර සිදුවන විට ජෝෂුවා මෝටර් රථයේ පිටුපස ආසනයේ උඩුකය නිරුවතින් වාඩි වී සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
නයිජීරියාවේ ඔගුන්-ලාගෝස් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.
36 හැවිරිදි ‘heavyweight’ ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා නයිජීරියානු සම්බවයක් ඇති ක්‍රීඩකයෙකු බව සඳහන් වේ.

