පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි.
එම දින දෙකට අදාල විෂයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරිය නිවේදනය කර තිබේ.

