ජනපති සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි මන්ත්රීවරුන් අතර හමුවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව මඩකලපුව දිස්ත්රික් මන්ත්රී ෂානක්කියන් රාසමානිකම් මහතා (ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දෙමළ ජනතාවගේ ප්රශ්න සම්බන්ධයෙන් කතා කිරීමට ජනාධිපතිවරයා මේ සාකච්ඡාව ලබා දී තිබෙන බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
“ජනපති කෙරෙහි අප තවමත් විශ්වාසය තබාගෙන සිටිනවා.අපේ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න ජනපති ලබන සතියේ වෙලාවක් ලබා දී තිබෙනවා” යනුවෙන්ද මන්ත්රීවරයා මෙහිදී කීය.

