ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජවිපෙ ඉල්මහ විරු සමරු සමරු කතාව අවසානයේ අලුත් කවියක් ගායනා කළේය.
ටිල්වින් සිල්වා මහතා සාමාන්‍යයෙන් පක්ෂයේ මැයි දිනය,ඉල්මහ විරු සමරුව ආදී සුවිශේෂී රැලි වලදී කවියකින් තම දෙසුම අවසන් කරන්නේය.
කොළඹ විහාර මහා දේවී එළිමහල් රංග පීඨයේ පැවති ඉල්මහ විරු සමරුවේ දෙසුම ටිල්වින් සිල්වා මහතා අවසන් කළේ මෙසේය.
විරුවන් ගතින් වැගිරුණු ලේ පැහැය උරා
රතු මල් පිපේවා මිහි කත දෙරණ පුරා
ලෙල දෙන රතු ධජය දැඩි කොට සුරත දරා
පියවර නගමු නිවහල් නව ලොවක් කරා
මෙම කවිය සගයන් එකල අඳුරු පැයේ බිත්තියක ලියා තිබූවක් බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

