රට බින්දුවට වැටුණු අවස්ථාවේ ඒ තත්ත්වයෙන් ගොඩගෙන ඉදිරියට ගෙන ගිය නායකයා රනිල් වික්‍රමසිංහ වන බැවින් රට අරගෙන යා යුතු පාර දන්නේ එතුමා බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවැසීය.
රනිල් වසර පනහක දේශපාලන පළපුරුද්දක් සහිත නායකයකු බැවින් ඔහු රට වෙනුවෙන් පාවිච්චි කළ යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
රනිල්ට පාර්ලිමේන්තු එන්නට දැනට අවශ්‍යතාවයක් නැතැයි ද අබේවර්ධන මහතා කීය.
“සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ පොදු එකඟතාවයක් සඳහා සියල්ලන්ම එකට වාඩි වීමයි.එලෙස වාඩි වූ පසුව එකතු වෙන කණ්ඩායමට ආරක්ෂාව දිය හැකි පුද්ගලයා කවුදැයි ඒ කණ්ඩායම තීරණය කළ යුතුයි.ගුටි නොකා දේශපාලනය කළ හැකි පුද්ගලයා කවුදැයි තීරණය කළ යුතුයි” යනුවෙන්ද කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

