හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනාගේ නිවසින් ආහාර ලබා ගත් බව කියන සිද්ධියට ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙලෙස කැදවා වීමට තිබේ.
තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීම මත ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අට වැනිදින විමල් වීරවංශ මහතා අදාළ කාර්යාංශයට පැමිණුනද එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම නිසා වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙනතිබුණි.
එම ප්‍රකාශය ප්‍රමාණවත් නැති බවට සලකා මෙම කැඳවීම කොට ඇති බව දැනගන්නට තිබේ. තංගල්ල සීනි මෝදර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා බන්ධනාගාර ගතකොට තිබේ.