අපනයන අභිමුඛ කර්මාන්තකරුවන්ට හානිදායක තත්ත්වයක් ඇති කරන බැවින් SVAT අහිමි කරන්න එපා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – නියෝජිතයන් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (2) කොළඹදී ඉල්ලීමක් කළේය.
කරුණු ගණනාවක් හරහා අයිඑම්එෆ් ක්‍රියාවලිය තුළ රටේ ජනතාව සමාජ ගැටලු රැසකට මුහුණ දෙමින් ඇති මොහොතක ජනතාවට සහන හා ශක්තිය ලබා දීමට මීට වඩා වැඩිදියුණු වැඩපිළිවෙළක අවශ්‍යතාව පවතින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදීය.
ඔක්තෝබර් 1 වැනිදා සිට ක්‍රියාත්මක SVAT පහසුකම ඉවත් කිරීම නිසා අප රටේ අපනයනකරුවන්ට විශාල හානියක් සිදුවන බැවින් එම පහසුකම ඉවත් කිරීම වහාම නතර කිරීම රටේ අපනයන ක්ෂේත්රයට හිතකර දෙයක් බවත් විපක්ෂනායකවරයා එහිදී සඳහන් කළේය.
SVATපහසුකම රටේ අපනයනකරුවන්ට අහිමි කිරීමෙන් පසු එයට විකල්පයක් ලෙස ඇති වැඩපිළිවෙළක් රජය පාර්ශවයෙන් බිහිවී නොමැති බවත් අයිඑම්එෆ් නියෝජිතයන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.