මේ අවුරුද්දේ ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් සියයට 24 ක් පාවිච්චි කර තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
“2018 වසරේදී සංචාරකයන් ලක්ෂ 23 ක් විතර රටට එනවා.සාමාන්‍යයෙන් සංචාරකයන් දවසකට ඩොලර් 172 ක් විතර වියදම් කරනවා.අපේ මුදල් ප්‍රමාණය වැඩි කර ගත යුතුයි.ඊයේ වනවිට දාසය ලක්ෂ හැත්තෑදාහකට වඩා සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ තිබෙනවා.මෙය සියයට විස්සක පමණ වැඩිවීමක්.මේ වන විට ඩොලර් බිලියන 2.3ක සංචාරක ආදායමක් ලැබී තිබෙනවා.සංචාරකයන් සියයට 24 ක් පාවිච්චි කරලා තියෙන්නේ ශ්‍රී ලංකන් එයාර් ලයින්.සුරාබදු ආදායමෙන් ඉලක්ක ගත ආදායමට වඩා රුපියල් බිලියන 12ක් පමණ වැඩිපුර ලැබී තිබෙනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.