“ජන සතු වීම මහින්දට සතුටක්” බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.
රැකගත් මිනිස් වත්කමෙහි වටිනාකම අන් සියලු වත්කම් ඉක්මවයි යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ මෙසේද සඳහන් වේ.
හිටපු ජනාධිපති මා සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මියගේ පැමිණීම සතුටට කරුණකි.
රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් දිනූ ලුතිනල් කර්නල් ගෝඨාභය ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය ද, ජීවිත ආරක්ෂා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මට ගෞරවයකි. කුමන තනතුරක් දැරූව ද මා සොහොයුරු ගෝඨාභය සැමදා කළේ මිනිසුන් රැකගැනීම බව මම විශ්වාස කරමි.
විමල් දුටු විට මට මතකයට නැගෙන එක් සුවිශේෂී සිදුවීමක් ඇත. සේනාධිනායකයා වශයෙන් ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ වශයෙන් ද, මෙරට සාමාන්‍ය පුරවැසියෙකු වශයෙන් ද මාගේ ජීවිත කාලය පුරාවටම මට අසන්නට ලැබුණු සතුටු දායකම ප්‍රවෘත්තිය ලැබෙන මොහොතේ විමල් මා අසලින් සිටියේය.
අප දෙදෙනා සිනහවෙන් බෙදාගත් සතුට මට හොඳින් මතකය. තම මිලේච්ඡ අරමුණු වෙනුවෙන් දශක තුනක් පුරා අප රටත් ජාතියත් විනාශ කළ, තම වර්ගයාම පලිහක් ලෙස යොදා ගනිමින් දමිළ දරුවාගේම කරේ සයනයිඩ් කරලක් එල්ලා අතට බෝම්බයක් දුන්, එහෙත් තම ගෙලෙහි කලු නූල සහිත සයනයිඩ් කරල දමා නොගත් ත්රස්තවාදියා මියගොස් ඇති බවට තහවුරු කළ එම දැනුම් දීම සැබවින්ම මා ලද සතුටු දායකම ප්රවෘත්තියයි. විමල්ට ද එය එසේම යැයි මම සිතමි.
මෙම දින කිහිපය පුරාම කාල්ටන් නිවසට පැමිණෙන දූ දරුවන්ගේ සහ ජනතාවගේ කතා බහට සවන් දෙමි, සතුට පිරුණු එම මුහුණු මා සැමදා දකින්නට අපේක්ෂා කළ දෙයකි. පැමිණෙන සියලු දෙනා දෙස මම බලා සිටිමි. හැකි අයුරින් කතා බහ කරමි. රැකගත් මේ මිනිස් වත්කමෙහි වටිනාකම අන් සියලු වත්කම් ඉක්මවයි. ජන සතු වීම මහින්දට සතුටකි.