කෙහෙල්බද්දර පද්මේ නුවරඑළියේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයයේ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකුද සේවය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පිළිබඳව තොරතුරු අනාවරණය වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදීය.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය ගැන තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.