රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය වැලිකඩ බන්ධනාගාර ඉඩමේ මුල් අයිතිකරුවන් රනිල් වික්‍රමසිංහ ඇතුළු පවුලේ උදවිය බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද(27) අනාවරණය කළේය.
ඒ කාරණය ඔප්පු කිරීම සඳහා වන පත් ඉරු සටහන් තමා සතුව පවතින බව කී වජිර අබේවර්ධන මහතා අදාල කාරණය තහවුරු කෙරෙන ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.
“රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු අරගෙන ගියේ එතුමාගේ පරපුරට එනම් එතුමාගේ මිත්තණියට අයත් අක්කර 43ක් වූ වැලිකඩ භූමියටයි.මෙම භූමියේත් මුල් අයිතිකරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඒ පවුලේ උදවියයි.ඒකත් දෛවෝපගත අවාසනාවන්ත අවස්ථාවක්.
වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩමේ පත්තිරු සටහන් සියල්ල මගේ ළඟ තියෙනවා. එවැනි පරපුරක සාමාජිකයකුට මේ මුහුණදීමට සිදුවූයේ මහා ඛේදජනක හැසිරීමකට බව කිව යුතුයි” යනුවෙන්ද අබේවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ සහ උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.