රනිල් මේ සිදුවන දේවල් වලට හොඳින් මුහුණ දෙනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීමෙන් පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි. “එයාට හැමදාම තිබුණු අසනීප ගතිය තමයි තියෙන්නේ.බොහොම හොඳට ඇවිත් කතා කළා.එතුමා එච්චර ඕක ගණන් ගන්නේ නෑ.මට පේන විදියට දේශපාලනේ කරනවා නම් මේවා උරුමයි.ඉතින් එතුමටත් ඒවා උරුමයි. එතුමා ඒකට මුහුණ දෙනවා.
මේ වගේ පොඩි පොඩි දේවල් වලට දේශපාලන නායකයෝ අල්ලලා හිර ගෙවල් වල දැමීම ගැන කනගාටුයි.මේවා දේශපාලන පළිගැනීම් නැතුව වෙන දෙයක් නෙමෙයි නේ යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කීය.