ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් එම පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මදුර විතානගේ මහතාගේ නිවසේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වර්තමාන දේශපාලන තත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.
මෙයට අමතරව දේශපාලනිකව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට ඩීවී චානක, තේනුක විදානගමගේ,ඉන්දික අනුරුද්ධ, වෛද්‍ය රමේෂ් පතිරණ රෝහිත අබේගුණවර්ධන පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, අජිත් රාජපක්ෂ, සම්පත් අතු කෝරළ අනූප පැස්කුවල් , මදුර විතානගේ ප්‍රේමනාත් සී දොළොවත්ත විජිත බේරුගොඩ චින්තක මායාදුන්නේ යන මහත්වරු සහභාගිවී ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පසුගිය කාලයේදී ඉවත් වී දේශපාලන කටයුතුවල නියැලුණු කාංචන විජේසේකර, ෂෙහාන් සේමසිංහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කනක හේරත් තාරක බාලසූරිය සහ නීතිඥ අනුරාධ ජයරත්න යන මහත්වරුන් සහභාගි වී නැතැයි දැනගන්නට ඇත.