පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් – 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන මෙය විය.