කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය
ඒකත් අනුරාධපුර සිද්ධිය මෙන් නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගනීවිදැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය.
කමිටු වාර්තාව අනුව ආණ්ඩුවට කිසිසේත්ම ඇස් වසාගෙන සිටිය නොහැකි බව පැවසූ මන්ත්රීවරයා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මුළු රටම බල කරන බවද කියා සිටියේය.