ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්රිකානු ජනරජයේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා (Thabo Mbeki) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්රී ලංකාවේ ජාතික සමඟිය හා සංහිඳියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසු වූ බව මෙහිදී පැවසූ අප්රිකා හිටපු ජනපති ම්බෙකි මහතා මෙවැනි කාලයක ශ්රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බව සඳහන් කළේය.
දකුණු අප්රිකාව හා ශ්රී ලංකාව භූ ගෝලීය වශයෙන් දුරස්ථ වුවද, විවිධ ජාතීන්, ආගම් සහ සංස්කෘතින් පැවතීම හේතුවෙන් දෙරටෙහි සමානත්වයක් පවතින බව ඔහු පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසූයේ ජාතීන් අතර සමඟිය වර්ධනය කිරීමටත්, රට මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයග්රහණය කරමින් ඉදිරියට ගෙන යාමටත්, තමා ඇපකැප වී සිටින බවයි.