ජාතික ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවා ඉරාන – ඊශ්‍රයාල් යුද්ධයෙන් රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දෙන්නැයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ ඉන්ධන සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවිය හැකි බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිටිය යුතුව ඇතැයිද විපක්ෂනායකවරයා පැවසීය.
ඉරාන – ඊශ්‍රයාල් යුද්ධය සම්බන්ධයෙන් කොලඹ විපක්ෂ නායක කාර්්‍යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව මේ මොහොතේ ඇති බැවින් ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කර ගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අභියෝගවලට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය රටේ ආර්ථීක වර්ධනයට බලපාන බැවින් අයි. එම්. එෆ්. සමඟ උපක්රමශීලීව සාකච්ඡා කර ලිහිල් පියවරක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලීමක්ද කළේය.
සාර්ක් සංවිධානය ඇතුළු ගෝලීය සංවිධාන කේන්ද්‍ර කර ගෙන පවතින යුදමය තත්ත්වය පහළ දැමීමට කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.