අක්මීමණ ආනන්ගොඩ ප්රදේශයේ නිවසකට අද (23)අලුයම වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති බැව් අක්මීමණ පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්රහාරයෙන් නිවසේ සිටි කිසිවෙකුටවත් කිසිදු තුවාලයක් සිදුවී නැති බව ද පොලිසිය පවසයි.නිවසේ ජනේලයකට වෙඩි තැබීමෙන් හානි වී ඇත.
මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකොටට ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධව අක්මිමන පොලිසිය පරීක්ෂණ පවත්වයි.