ග්‍රාමිය මාර්ග 1800ක් වසර අවසන් වීමට පෙර සංවර්ධනය කරන බව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිතුවරයාගේ උපදෙස් මත මිලියන 5,000ක අමතර මුදලක් රටේ ග්‍රාමීය මාර්ග සංවර්ධනයට ලබා දී ඇති බවත් ඉලක්කගත සංවර්ධනයක් තුළින් ජනතාවගේ ජීවිත ලස්සන කරවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“ග්‍රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට අවිස්සාවේල්ල ප්‍රදේශයේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම දකුණු කඩුගොඩ පුස්සැල්ල මාර්ගයේ සංවර්ධන කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මීට සමගාමීව දිවයින පුරා ස්ථාන 57ක දී ග්‍රාමිය මාර්ග ව්‍යාපෘති 57ක වැඩකටයුතු ආරම්භ කෙරිණ.