චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු නියෝජිතයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡාවක නිතර වූහ.
ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පළුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පළුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ එහිදී අවධාරණය කළේය.
රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද විදේශ ඇමති ලියූ ජින්තාවෝ සඳහන් කර සිටියේය.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහති සඳහන් කළේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවයි.