කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය අද (3) ප්රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාවේ කිසිම කණ්ඩායමකට සියයට පනහක බලයක් නොමැති හෙයින් ඡන්ද විමසීමකින් නගරාධිපතිවරයා තෝරා ගැනීමට සිදුවන බව ඔහු කීය
ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී ධනාත්මක ප්රතිචාර ලැබී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාදීමට එ් සියලු දෙනා එකගවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.