ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය
විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය
ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම පත්වන බවද සඳහන් කළේය.