දුම්රිය ධාවනය සතියක් දෙකක් හෝ නවතා මෙරට දුම්රිය සේවය හදන බවත් දුම්රිය අවලංගු කිරීම පැහැදිළිවම සැළසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (26) පැවසීය.
කොළඹ වරාය අමාත්‍යංශයේදී ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එසේ පැවසීය.
මෙම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම පිටුපස පැහැදිළිවම දේශපාලන ඇති බවත් මෙම දුම්රිය අවලංගු කිරීම ආරම්භ කළ රියදුරන් කවුරුන්ද යන්න නම් වශයෙන් දන්නා බවත් ඒ මහතා කීය.
දුම්රිය අවලංගුවීමට හේතු වූ රියදුරු මහත්වරුන්ගෙන් අනිවාර්යෙන්ම නිදහසට කරුණු විමසන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙඩ නිවාඩු දැමීමට හේතුව විමසන බව ද සඳහන් කළේය.
රියදුරන් මෙතරම් සංක්‍යාවක් එකවර අසනීප වීමට හැකියාවක් නොමැති බවත් එම සිද්ධිය සම්බන්ධ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.