ජනතා ප්රසාදයක් නොමැතිව දේශපාලනය කර පළක් නැති බැවින් තමා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්ගොඩ ප්රධාන සංවිධායක ජනිත් වික්රමතිලක මහතා ඊයේ පැවසීය.
අම්බලන්ගොඩ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතාටත් පක්ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා වෙත ලිඛිතවද දැනුම් දුන් බව ජනිත් වික්රමතිලක මහතා තවදුරටත් පැවසීය.