ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික රණවිරු සැමරුමට සහභාගී නොවීමට සැලසුම්කර සිටි බවත් ඔහු එම උත්සවයට සහභාගී නොවන බව කලින්ම ප්‍රසිද්ධ කිරීම නිසා සමාජයෙන් එල්ල වූ පීඩනය හමුවේ ජනාධිපතිවරයා එම උත්සවයට අකමැත්තෙන් සහභාගී වූ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයෙක් වන විමල් වීරවංශ මහතා ඊයේ (20) පැවසීය.
විමල් වීරවංශ මහතා කොළඹදී ඊයේ (20) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.
ජනාධිපතිවරයා එම උත්සවයේදී කළ කතාවේ තහනම් වචන ගොඩක් ඇති බව කී විමල් වීරවංශ මහතා එහිදී රණවිරුවෝ යන වචනය තහනම් වචනයක් බවට පත් වූ බව ද ඒ මහතා සඳහන් කළේය.
ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවෝ, නිලධාරීන් ලෙස එහිදී ජනාධිපතිවරයා රණවිරුවන් හැඳින්වූ බවත් එවැනි කැත ආකාරයට ප්‍රකාශ කරනවාට වඩා එම උත්සවයට නොපැමිණියා නම් වඩාත් හොඳ බවත් වීරවංශ මහතා කීය.