‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදන් කරමින් පවතී.
වෙහෙර විහාරස්ථාන, මාර්ග ගම්මාන සරසමින් සියලු දෙනා සම්බුදු තෙමගුල සැමරීමට සූදානම් වන අයුර එහි සංචාරය කළ අපට දැක ගත හැකියි.
රාජ්‍ය වෙසක් උත්සවය සදහා දිවා රාත්‍රි කටයුතු කරනු ලබන පිරිස් වෙත සංග්‍රහ කිරීමට සහයෝගයක් ලෙස ලක්ෂ දෙකකට ආසන්න වටිනා කමින් යුක්ත වියලි ආහාර නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංගමය නුවරඑළිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී නුවරඑළිය ප්රාදේශය සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛනාධිකාරි කිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ වෙත භාර දෙන ලදි.
මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය, ප්‍රාදේශිය ලේකම් ඩි. ඒ. පී. ධනසුරිය මහතා ඇතුළු නිළධාරින්ද, ඒකාබද්ධ වෙළඳ සංගමයේ සාමාජිකයන් ද සහභාගි විය.