පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වන පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන්ද සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.
පාතාලයට මත්කුඩු ජාවාරම්කරුවන්ට උදව් කරන පොලිස් නිලධාරීන් සීමිත පිරිසක් සිටින බවත් එය සැමදා තිබූ තත්ත්වයක් බවත් ඔහු කීවේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයිද ඔහු සඳහන් කළේය.
පාතාල මර්දනයට ආණ්ඩුව විශේෂ අවධානය යොමු කර ඇතැයි පැවසූ මහින්ද ජයසිංහ මහතා මේ සඳහා ජනතාවගේ ද සහාය අවශ්‍ය බව ප්‍රකාශ කළේය.